දියාරු පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව අන්ත පරාජයක් වැළඳගනී

නවසීලන්තය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බින්දුවක පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (31) සිදු වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන සහ අවසන් තරගය ශ්‍රී ලංකා කඩුලු 06කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයට තරග කිරීමට සිදුවනවා.

අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 157කට සීමා වුණා.

එහිදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ දියාරු තරග රටාව අද දිනයේදීත් මනාව ප්‍රදර්ශනය වූ අතර, අද තරගයේ දී තරමක් හෝ සාර්ථකත්වය පත් වූ පිතිකරුන් බවට පත් වුණේ පැතුම් නිස්සංක සහ නායක දසුන් ශානක පමණයි.

අනෙකුත් පිතිකරුවන්ට සාර්ථකවීමට නවසීලන්ත වේග පන්දු බලඇණිය ඉඩලබා නොදුන් අතර, එහිදී මැට් හෙන්රි, හෙන්රි ෂිප්ලි සහ ඩැරල් මිචෙල් කඩුලු තුන බැගින් දවාගත්තා.

ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 32යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය විල් යං නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර, හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළා.

දෙරට අතර පැවති පළමු තරගයෙන් නවසීලන්තයට ලකුණු 198ක දැවැන්ත ජයක් හිමි වූ අතර, දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා.

ඒ, අනුව තෙවන තරගය කඩුලු 06කින් ජයගත් නවසීලන්තය එක්දින තරගාවලියේ ශූරතාවට හිමිකම් කීමට සමත් වුණා.

අවසන් තරගයේ වීරයා ලෙස විල් යං සම්මාන ලැබුවා.

මේ අතර නවසීලන්ත කණ්ඩායම වසර අටකින් සිය මව්බිමේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ එක්දින තරගයක් පරාජයට පත්ව නිමති වීමට විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40