දියාරු පිතිකරණය නිසා ලංකාවට තවත් අමිහිරි පරාජයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඊයේ (07) රාත්‍රියේ දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර එම තීරණය වඩාත් නිවැරදි තීරණයක් බවට පත්කළ පාකිස්ථාන පන්දුයවන්නන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 128කට සීමා කළා.

ඒ පන්දුවාර 19යි පන්දු 02ක් තුළ ශ්‍රී ලංකාවේ සියලු පිතිකරුවන් දවා ගනිමින්.

කෙසේ වෙතත් පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථානය කණ්ඩායම ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 16යි පන්දු 04ක් පමණක් වැය කරමින් පහසුවෙන් හඹා ගියා.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පාකිස්ථානයට වැයවුණේ කඩුලු 04ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
1
+1
2
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?