දියණිය ලිංගික කටයුතුවලට විකිණූ මව රිමාන්ඩ්

වයස අවුරුදු 14ක් වන බාල වයස්කාර තම දියණිය ලිංගික අපයෝජනය සඳහා මුදලට අලෙවි කළ එම දැරියගේ මව සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ අනෙක් දෙදෙනා වූයේ දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ලවූ දෙදෙනෙක්.

සැකකාර මව දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්. අනෙක් සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය, උල්ලලපොළ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක් සහ මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි අයෙක්.

52 හැවිරිදි සැකකරු දෛනිකව කුලී වැඩ කරන අයකු බවත් 42 හැවිරිදි සැකකරු ටයර් කඩයක හිමිකරුවකු බවත් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මීගමුව රෝහලේ සමාජ රෝග සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර සමාජ රෝග සම්බන්ධ වාර්තාවක් ලබාගෙන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කර තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර සිටින දැරිය පරිවාස වාර්තාව ලැබෙන තෙක් මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරන ලෙසටයි අධිකරණය දිවුලපිටිය පොලිසියට නියෝග කර ඇත්තේ.

වින්දිත දැරියගේ ප්‍රකාශ මත තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැරියගේ පියා මියගොස් ඇති අතර සිව් දරු මවක් වන සැකකාරිය පුද්ගලයින්ව නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ය කර සිය දියණිය නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවන්වල පුද්ගලයින්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාර මව පැමිණෙන එම පුද්ගලයාව සහ තම දියණියව නිවස තුළට දමා දොරවල් වසා දමා මුරකාවලේ යෙදෙන බවට හෙළිවී තිබෙනවා.

දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවන් වැඩිදුර විමර්ශන සිදු කර වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා පොලිසියටනියෝග කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය ද එළඹෙන 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි පොලිසියට නියම කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?