දියණිය කෙළෙසුවාට 32 හැවිරිදි මාමා අත්අඩංගුවට

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනාතවිල්ලුව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ මාමා බව කියන 32 හැවිරිදි පුද්ගලයෙක්.

බාලවයස්කාර දැරියක් දූෂණයකර ඇති බවට පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයක දී සැකකරුව අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සිංහල අලුත් අවුරුදු දිනට පෙර දිනයේ දී තමන නිවසේ රැඳී සිටිය දී මාමා විසින් මෙම අපරාධය සිදුකළ බවට දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

එම අවස්ථාවේ දී නිවසේ කිසිවෙක් නොසිටි බවට දැරිය පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට යොමු කර ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
5
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !