දියණියගේ ජන්ම දිනයට දානයක් දෙන්න ගිය පියා මරුට

දානයක් ලබාදීම සඳහා අවශ්‍ය කොස් ගෙඩියක් කඩා ගැනීමට නිවස පිටුපස කොස් ගසකට නැගුණු පුද්ගලයෙකු එම ගසින් බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (27) දිනයේ දී සිය දියණියගේ උපන්දිනය යෙදීම නිමිත්තෙන් මෙහෙණි ආරාමයකට දහවල් දානය ලබාදීම වෙනුවෙන් අවශ්‍ය පොලොස් ගෙඩි කිහිපයක් සහ කොස් ගෙඩියක් කඩා ගැනීමට මරණකරු ගසට නැග ඇති බවයි.

එම මියගිය පුද්ගලයා අඩි 60ක් පමණ උසක සිට නිවසේ වහලය මතට ඇද වැටී අනතුරුව වහලය ද කඩාගෙන බිමට ඇද වැටී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක – බෝපේ ගමගේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 51 හැවිරිදි දෙදරු පියෙක්.

පාදුක්ක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?