මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම මඟින් එහි ආරම්භක දිනයේ සිට ඊයේ (08) දිනය දක්වා සිදු කළ වැටලීම් සහ අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (08) දිනය වන විට මෙම මෙහෙයුම මඟින් සමස්ථ සැකකරුවන් 64,985ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එයින් සැකකරුවන් 1,346ක් පුනුරුත්තාපනය සඳහා තිබුණා.
ඒ වැටලීම් 65,550ක් සිදු කරමින්.
එම වැටලීම් මඟින් අයිස් කිලෝ ග්‍රෑම් 1,202යි ග්‍රෑම් 719ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 309යි ග්‍රෑම් 762ක් අතදගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර තිබෙන රටම එකට ජාතික මෙහෙයුමේ සවිස්තරාත්මක වාර්තාව පහතින්,




