දින පහක් තුළ එල්ල කළ ප්‍රහාර 71 කදී පාකිස්තාන හමුදා සාමාජිකයන් 24 දෙනෙකු ඝාතනය කළ බව බලුච් සටන්කාමී සංවිධානයක් වන BRAS සංවිධානය පවසනවා.
හමුදා කඳවුරු සහ සෙබලු ප්‍රවාහනය කරන වාහන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව BRAS නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බහු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සම්බන්ධීකරණ මෙහෙයුම් රැල්ලක් “ඝාතක කල්ලි” ක්‍රියාකාරීන් විසින් දියත් කළ බවයි BRAS නිවේදනයේ දැක්වුණේ.
ක්වෙටා සිට රාවල්පින්ඩි බලා ධාවනය වූ ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කළ බව BRAS පවසනවා.
අදාළ ප්‍රහාරයෙන් දුම්රිය මැදිරි 6ක් පීලි පැන තිබුණා.
පාකිස්තාන හමුදාවට ඉදිරියේ දීත් පහර දෙන බව BRAS අවධාරණය කරනවා.





