Indian Premier League

දින දෙකකට පසු ව ඇල්ලූ සැකකරු

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් හා ගංජා සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප්‍රේල් මස 12 වැනි දින සවස් කාලයේ ඇතිමලේ පොලිස් වසමේ හත් ආර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදියි ගංජා ග්‍රෑම් 70ක් සහ ගිනි අවියක් සමග සොයාගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී ඉහත වැටලීමට අදාළ සැකකරුව දින දෙකකට පසුව අද (15) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 46 හැවිරිදි තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?