දින තුනක් මස් මාංශ අලෙවිසැල් වැසේ

ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වනවා.

වෙසක් උත්සවය වෙනුවෙන් ලබන 12,13 සහ 14 යන තෙදින තුළ දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය එම දිනවල දී සිදුනොවන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මීට අමතරව රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජශාලා දඅදාළ දිනයන්වල දී වසා තැබිය යුතු බවටයි එම අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

මැයි මස 10 සිට 16 දින දක්වා දක්වා ජාතික වෙසක් සතිය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?