Empty Ad
Empty Ad
 Empty Ad

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි හමුදා සෙබළාගේ සිරුර ඇලකින් සොයාගෙන

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි හමුදා සෙබළෙකුගේ මළ සිරුර ඊයේ (20) අම්පේගම, ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබී සොයාගෙන තිබෙනවා.

බද්දේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම හමුදා සෙබළා නිවාඩු ලබා පසුගිය 05 වනදා නිවසට පැමිණ ඇති අතර, ඔහුට යළි සේවයට වාර්තා කිරීමට තිබී ඇත්තේ පසුගිය 14 වනදායි.

කෙසේ වෙතත් ඔහු එදින නිවසින් බැහැරට ගොස් ඇති අතර, සිය ජංගම දුරකථනය ද නිවසේ දමා මොහු නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නිවසින් පිටව ගොස් ඇති හමුදා සෙබළා එදින යළි නිවසට පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ පසුදින (15) පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අනතුරුව අතුරුදන් වූ සෙබළා සොයා පොලිස් විමර්ශන ආරම්භ කළ අතර, අතුරුදන් වී දින 06කට පසු ඔහුගේ සිරුර ඊයේ (20) සවස මෙලෙස සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දිසාන් ප්‍රදීප් විතානාරච්චි නැමැති තිදරු පියෙක්.

මොහු මඩකලපුව 11 වන සිංහ රෙජිමේන්තු ඒකකයට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
16
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලට ගිහින් බදුල්ලේ හිත හයිය දෙමළ කෙල්ල අම්බිකා දීපු පොරොන්දුව
05:21
Video thumbnail
ආර්ථික ඔස්තාර්ගේ හුලං බැහැලා - දැන් කියන කතා - දුකේ බෑ අප්පා...
02:29
Video thumbnail
මල්පාරේ රනිල්ගෙ ගෙදරට සද්ද නැතුව රිංගපු අය අතේ මාට්ටු - සමන් රත්නප්‍රියට ඇඩ්‍රසුත් නෑ - හුලං බැහැලා
04:44
Video thumbnail
කෝවිලට වැඩපු ජනපති දෙයියා - මිනිස්සු පහනුත් පත්තු කරයි
01:45
Video thumbnail
මහජන මුදල් හොරා කාපු නඩේට රතු එළියක් - වසන්තගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
10:01
Video thumbnail
මගේ ජීවිතේට මෙහෙම දැක්කේ නෑ - කිරිබත් කන්න හිතන් හිටපු අයට කිරිබතුත් නෑ
18:25
Video thumbnail
මාලිමාවේ වසන්ත පිළිගන්න මිනිස්සු පොරකයි
01:53
Video thumbnail
උගණ්ඩා මැණිකේ ජයග්‍රහණයෙන් පසුව මධ්‍ය අමතා කළ විශේෂ ප්‍රකාශය #npp #akd
03:24
Video thumbnail
21 නාමල් පාර්ලිමේන්තු එනවා - පොහොට්ටු මහ ලේකම් පරාජය ගැන මාධ්‍යට කිව්ව කතාව
06:33
Video thumbnail
ජොන්ස්ටන්ගෙම ගමෙන් ජෝන්ස්ටන්වම පැන්නූ අනුර #anurakumaradissanayake
02:42

?