දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණ ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දුරකතන අංක රැසක්, CCTV. දර්ශන මෙන්ම බැංකු වාර්තා සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පැය 24 පුරා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

සිද්ධියට අදාළ සැකකරු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ව්‍යාපාරිකයෙකු වන බැවින් ඔහු විවිධ ක්ෂේත්‍ර සමග සබඳතා පවත්වා ඇති බැවින් දුරකතන අංක රැසක් විශ්ලේෂණය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

එම අංක විමර්ශනයට වෙනම කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරනනු ලබනවා.

එමෙන්ම බැංකු ආශ්‍රිත විමර්ශන මෙන්ම CCTV දර්ශන ද ලබා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (22) දිනය වන විට ප්‍රකාශ 58ක් පමණ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශවලින් අනාවරණ වන තොරතුරු මත තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීම හෝ විමර්ශන සිදුකරන බවයි නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

මෙය අභිරහස් ඝාතනයක් බැවින් නිවැරදි ප්‍රමාණවත් සාක්ෂි රැස්කරගෙන සැකකරු හඳුනා ගැනීමට යම් කිසි කාලයක් ගතවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26