spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණ ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දුරකතන අංක රැසක්, CCTV. දර්ශන මෙන්ම බැංකු වාර්තා සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පැය 24 පුරා විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

සිද්ධියට අදාළ සැකකරු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ව්‍යාපාරිකයෙකු වන බැවින් ඔහු විවිධ ක්ෂේත්‍ර සමග සබඳතා පවත්වා ඇති බැවින් දුරකතන අංක රැසක් විශ්ලේෂණය කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

එම අංක විමර්ශනයට වෙනම කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරනනු ලබනවා.

එමෙන්ම බැංකු ආශ්‍රිත විමර්ශන මෙන්ම CCTV දර්ශන ද ලබා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (22) දිනය වන විට ප්‍රකාශ 58ක් පමණ ලබාගෙන ඇති අතර එම ප්‍රකාශවලින් අනාවරණ වන තොරතුරු මත තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීම හෝ විමර්ශන සිදුකරන බවයි නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

මෙය අභිරහස් ඝාතනයක් බැවින් නිවැරදි ප්‍රමාණවත් සාක්ෂි රැස්කරගෙන සැකකරු හඳුනා ගැනීමට යම් කිසි කාලයක් ගතවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?