දිනේෂ් චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කෙරේ (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයේ තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසලට කෘතගුණ දැක්වූවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ඉදි කළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අද සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා.

දිවා රාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගණය රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙසටයි නම්කර ඇත්තේ.

මෙම ක්‍රීඩාංගණය ධර්මාශෝක විද්‍යාලයේ සිසුන්ට පමණක් නොව සහෝදර පාසල්වල දරුවන්ට ද පරිහරණය කිරීමට අවස්ථාව සැලසෙන්නේ චන්දිමාල්ගේ විශේෂ ඉල්ලීමක් ලෙසයි.

යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකිරීම ද විශේෂත්වයක්.

අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා සහාය ලබාදී තිබෙනවා.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ, 17න් පහළ කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළ චන්දිමාල් 2004 / 2005 වසර වලදී විද්‍යාලයීය මහා ක්‍රිකට් තරග සඳහා ද ක්‍රීඩා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?