දිට්වා සුළු අපනයන බෝග හෙක්ටයාර 583.8 කට හානි කරලා – වැඩිම හානිය ගම්මිරිස් වගාවට

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් සුළු අපනයන භෝගවලට හානි වූ ගොවීන්ට සහනාධාර සහ වන්දි ලබාදෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් දැනටමත් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.

එම දෙපාර්තමේන්තුවට අනුව සුළු අපනයන බෝග හෙක්ටයාර 583.8 කට හානි සිදුවී ඇති අතර, ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ගම්මිරිස් වගාවටයි.

ගම්මිරිස් හෙක්ටයාර 511.9 කට හානි සිදුව ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව, කෝපි හෙක්ටයාර 64.8ක් සහ එනසාල් වගාවන් හෙක්ටයාර 7.1ක් ද බලපෑමට ලක්ව තිබෙනවා.

බදුල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, නුවරඑළිය, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් මෙම හානි වාර්තාවන අතර, කුඩා පරිමාණ අපනයන බෝග වගාකරුවන් 2,878 කට අයත් බෝග ව්‍යසනයෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47