දික්ඕවිට මත්කුඩු තොගයට ඇල්ලූ සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

පසුගියදා දික්ඕවිට ආසන්න මුහුදු තීරයේ දී හෙරොයින් සහ අයිස් මත්කුඩු කිලෝ ග්‍රෑම් 774කට ආසන්න ප්‍රමාණයක් බෝට්ටු මගින් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් සතික කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හවසට ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?