විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සමහර බලාගාර ක්‍රියාත්මක කිරීමේදී ගැටළු මතුව ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා
දෛනිකව පැය 3ක් විදුලි කප්පාදුව කිරීමට මෙම හේතුවද ප්‍රධාන වශයෙන් බලපාන බවයි ඔවුන් පවසන්නේ.
සපුගස්කන්ද,යුගදනවි හා බාච් යන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට දැවි තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් පමන නමුත් මේ දිනවල ලැබී ඇත්තේ මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්රමාණයකි.
මෙගාවොට් 1340ක් ජල විදුලි නිශ්පාදනයෙන් පද්ධතියට එක්කෙරෙන අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් එක් කෙරේ.
විදුලි බල මණ්ඩලය පවසන්නේ දෛනික අවශ්‍යතාවය මෙගවොට් 2100ක් බවත් ජල විදුලියෙන් සහ ගල් අඟුරු වලින් නිපදවන ප්‍රමානය ඒ සඳහා ප්‍රමානවත් නොවන බවයි.
කෙසේඋවද පවතින තත්වය සහ විදුලි කප්පාදුවේ කාලසීමාව සම්බන්ධයෙන් අද දවසේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.













