මුස්ලිම් වෛද්‍යවරයෙකු සැකසූ ඉශාලිනී ජූඩ් කුමාර් දැරිවියගේ පළමු මරණ පරීක්ෂණ ඇති කරුණු බොරු බව දෙවෙනි මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා.
දෙවැනි මරණ පරීක්ෂණ වාර්තාවෙන් දැරිවිය ගිනි තබා ගත්තාද එසේත් නැතිනම් ගිනි තබා ඝාතනය කළාද යන සැකය ඉස්මතු වන බවත් දැරිවියව දිගු කලක් ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් තහවුරු වී තිබෙනවා.
දෙවැනි වාර්තාව අධිකරණයට
දෙවෙනි මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට තිබෙන්නේ අධිකරණය භාරයේ.
රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී මිය ගිය ඉශාලිනී ජූඩ් කුමාර් බාලවයස්කාර දැරිවියගේ පළමු මරණ පරීක්ෂණ වාර්තාවේ තිබෙන්නේ ඇය සිය දිවි නසා ගත් බවයි.
බොරු වාර්තා දුන් දොස්තර පිටරට
පළමු මරණ පරීක්ෂණ වාර්තාව සැකසූ ඉසුත් හක් නැමැති මුස්ලිම් ජාතික වෛද්‍යවරයා එම වාර්තාව ලබා දීමෙන් පසු විදේශගතවයි සිටින්නේ.
විදේශගතව සිටින ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාවක් සලසා දෙන බවට සෞඛ්‍යය දෙපාර්තමේන්තු නිලධාරීන් අපරාධ විමර්ශන විමර්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පොරොන්දු වී තිබුණද තවමත් එය ඉටු ඇති බවක් වාර්තා වන්නේ නැහැ.
තමා ගිනිතියා ගත් බව දැරිවිය තමාට පැවසූ බව ප්‍රකාශ කළ රුක්ෂාන් නැමැති තවත් සැක සහිත වෛද්‍යවරයකු ගැනද පරීක්ෂණ පැවැත්වෙනවා.