AFC Banner
Empty Ad
Empty Ad

“දැන්වත් අපි කියන දේ අහන්න ” වෛද්‍ය සංගමයෙන් හදිසියේම ලිපියක්

පවතින කොරෝනාවෛරසය අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යෙදවිය හැකි ක්ෂණික පියවර කිහිපයක් යෝජනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් එම සංගමය සඳහන් කර ඇත්තේ, වසංගතයේ පළමු රැල්ලේ පටන් ම සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා ඉවත දමා කටයුතු කිරීමෙන් කොරෝනා වසංගතය හමුවේ නිසි එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු සෞඛ්‍ය අංශ අසමත්ව සිටින බවය.

වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩය, අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග සහිත පුද්ගලයින් සහ සමාජයේ ආර්ථික වශයෙන් වැදගත් කොටස් එන්නත් කිරීමට මූලිකත්වය දීම සම්බන්ධයෙන් සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා ඉවත දමා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ, වෛද්‍ය දීපා ගමගේ යන අයගේ මෙහෙයවීම මත වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයට ප්‍රමුණතාව දී එන්නත් කිරීම සිදු වූ බව ඔවුන් චෝදනා කර ඇත.

එබැවින් එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථකව ඇති බව පෙන්වා දෙන එම සංගමය යළි වර්තමාන අර්බුදයට මුහුණ දීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද කිහිපයක් යෝජනා කර තිබේ. ඒ අනුව, ඔවුන් යෝජනා කර ඇති කරුණු මෙසේය.

1. වසංගත රෝග විද්‍යා ඒකකය මගින් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයක ම 60ට වැඩි ජනගහනයේ සෘජු එන්නත්කරණ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත්කිරීම.

2. අවුරුදු 60ට වැඩි මෙන් ම බෝ නොවන රෝග සහිත පුද්ගලයින් ඇතුළු සියලු සාමාන්‍ය ජනතාවට එන්නත්කරණයේ වැදගත්කම ගැන දැනුවත් කිරීම.

3. අවුරුදු 60ට වැඩි ජනතාවට සම්පූර්ණ එන්නත්කරණය සිදු කිරීමේ වැදගත්කම දැනුවත් කරමින් පවතින දුරකතන ඇමතුම් ඔස්සේ කරන දැනුවත් කිරීම් වෙනස් කිරීම.

වසංගත රෝග විද්‍යා ඒකකය ක්‍රියාත්මක කළ ඇතැම් අඥාන තීන්දු තීරණ හේතුවෙන් මෙම තත්ත්වයන් ඇති වූ බවත් පවතින අර්බුදය කළමනාකරණයට තම සංගමය ඉදිරිපත් කරන ක්ෂණික පියවර හෝ අනුගමනය නොකළහොත් නැවත නැවත රට වසා දැමීම අනිවාර්ය වනු ඇති බවත් එම සංගමය අදාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?