“දැන්වත් අපි කියන දේ අහන්න ” වෛද්‍ය සංගමයෙන් හදිසියේම ලිපියක්

පවතින කොරෝනාවෛරසය අර්බුදය කළමනාකරණය කිරීම සඳහා යෙදවිය හැකි ක්ෂණික පියවර කිහිපයක් යෝජනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් එම සංගමය සඳහන් කර ඇත්තේ, වසංගතයේ පළමු රැල්ලේ පටන් ම සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා ඉවත දමා කටයුතු කිරීමෙන් කොරෝනා වසංගතය හමුවේ නිසි එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු සෞඛ්‍ය අංශ අසමත්ව සිටින බවය.

වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩය, අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග සහිත පුද්ගලයින් සහ සමාජයේ ආර්ථික වශයෙන් වැදගත් කොටස් එන්නත් කිරීමට මූලිකත්වය දීම සම්බන්ධයෙන් සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා ඉවත දමා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ, වෛද්‍ය දීපා ගමගේ යන අයගේ මෙහෙයවීම මත වයස අවුරුදු 30 – 60 වයස් කාණ්ඩයට ප්‍රමුණතාව දී එන්නත් කිරීම සිදු වූ බව ඔවුන් චෝදනා කර ඇත.

එබැවින් එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථකව ඇති බව පෙන්වා දෙන එම සංගමය යළි වර්තමාන අර්බුදයට මුහුණ දීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද කිහිපයක් යෝජනා කර තිබේ. ඒ අනුව, ඔවුන් යෝජනා කර ඇති කරුණු මෙසේය.

1. වසංගත රෝග විද්‍යා ඒකකය මගින් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයක ම 60ට වැඩි ජනගහනයේ සෘජු එන්නත්කරණ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත්කිරීම.

2. අවුරුදු 60ට වැඩි මෙන් ම බෝ නොවන රෝග සහිත පුද්ගලයින් ඇතුළු සියලු සාමාන්‍ය ජනතාවට එන්නත්කරණයේ වැදගත්කම ගැන දැනුවත් කිරීම.

3. අවුරුදු 60ට වැඩි ජනතාවට සම්පූර්ණ එන්නත්කරණය සිදු කිරීමේ වැදගත්කම දැනුවත් කරමින් පවතින දුරකතන ඇමතුම් ඔස්සේ කරන දැනුවත් කිරීම් වෙනස් කිරීම.

වසංගත රෝග විද්‍යා ඒකකය ක්‍රියාත්මක කළ ඇතැම් අඥාන තීන්දු තීරණ හේතුවෙන් මෙම තත්ත්වයන් ඇති වූ බවත් පවතින අර්බුදය කළමනාකරණයට තම සංගමය ඉදිරිපත් කරන ක්ෂණික පියවර හෝ අනුගමනය නොකළහොත් නැවත නැවත රට වසා දැමීම අනිවාර්ය වනු ඇති බවත් එම සංගමය අදාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27