දැදුරු ඔය ආශ්‍රිතව ඉදිරි පැය කිහිපයේ අධි ගංවතුර තත්ත්වයක්

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මගින් මේ වන විටත් තත්පරයට ඝණ අඩි 77,400 ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතිනවා.

එම තත්ත්වය හා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජලමාපකවල කියවීම් අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයි ගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

විශේෂයෙන්ම දැදුරු ඔය ද්‍රෝණියේ පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාශයන්හි දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉදිරි පැය කිහිපය තුළ වර්ධනය වන බවට අනතුරු අඟවනු ලබනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනනවා.

මේ අතර මහවැලි ගඟෙහි ධාරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගංගා ද්‍රෝණියේ ප්‍රධාන ජලාශ බොහොමයක් වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

එම නිසා කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, තමන්කඩුව, මිනිපේ, විල්ගමුව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ වලට මෙතැන් සිට ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

තවද මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයේද ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇති විය හැකි මහ ගංවතුර තත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29