දැඩි රැකවල් මැද දේශබන්දු තෙන්නකෝන් ව අද හවස 01ට උසාවියට

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අද (03) යළිත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

අද පස්වරු 01ට ඔහු ව අධිකරණයට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින තෙන්නකෝන් මහතා ව මාතර අධිකරණය වෙත රැගෙන යමින් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, විශේෂ ආරක්‍ෂාවක් යටතේයි.

ඔහුගේ ආරක්‍ෂාවට ගිනිඅවි සහිත බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් ද යොදවා තිබෙනවා.

වැඩතහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ඊයේ (02) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34