දැඩි උණුසුමෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින මෙරටට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.

සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා තිබේ.

ඒ හේතුවෙන් අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

හිරුඑළිය සම මතට සෘජුවම පතිතවීම හේතුවෙන් සමෙහි යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි අතර මෙහිදී සම පිළිස්සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකගත හැකිය. සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්තානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම සමෙහි දැනට පවතින ආසාත්මික තත්ත්වයන්ගේ වැඩිවීමක්ද උණුසුම් කාලගුණයත් සමග ඇතිවිය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙන අතර කුඩා දරුවන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරුවීමේ අවධානමක් පවති.

මෙහිදී ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පැවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10