බිඳවැටීම් හැසිරවීමට අපහසුය. බිඳුණු හදවත් සුව වීමට කාලය ගත වේ, හිටපු හවුල්කරුවන් අමතක කිරීමට අපහසු වේ, වේදනාව දරාගත නොහැකි විය හැකිය. නමුත් අපට ඔබට මෙය පැවසිය හැකිය: ටික වේලාවකට පසු එය පහසු වේ. වෙන්වීමෙන් පසුවත් ඔබ පෙර සිටි ආදරණීය පුද්ගලයා විය හැකිය. එය සිදු කිරීමට ක්‍රම මෙන්න
ඔබේ රිදුණු හදවත සුව කිරීමට ඔබටම යම් කාලයක් දෙන්න
ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී මිනිසුන් කරන ලොකුම වැරැද්ද නම් පාලනයකින් තොරව හැසිරීමයි.එනම් මත්පැන් පානය,අනිසි හැසිරීම් දැනි ස්වයං-විනාශකාරී ක්‍රියාකාරකම්වල යෙදීමයි. ඔබ දැනටමත් සිදුව ඇති දේ ගැන නොසැලී සිටීමේ තේරුමක් නැතත්, නිෂේධාත්මක හැඟීම් මුදා හැරීම සඳහා ඔබට විවෘත වීමට එක්කෝ ඔබ දුක පහව යනතුරු හොඳින් අඬන්න නැතිනම් දවස් ගෙවෙන්නට හරින්න..
ඔහු පසුපස හඹා නොයන්න
වෙන්වීමෙන් පසු, ඔබේ හිටපු පුද්ගලයා දවසේ ඕනෑම වේලාවක කරන්නේ කුමක්දැයි ඔබ කල්පනා කරනවා විය හැකිය. එය බොහෝ විට ඔබේ මනස පිටුපස ඇත.
සමාජ මාධ්‍ය ආධාරයෙන්, ඔවුන් සිටින ස්ථානය ගැන සොයා ගැනීම අතිශයින් පහසු ය. එහෙත්, ඔහු පසුපස හඹා යෑමෙන් සිදු වන්නේ ඔබට දුකක් හා කනස්සල්ලක් ඇති වීම පමණි. වෙන්වීමක් සමඟ කටයුතු කිරීමට හොඳම ක්‍රමය නම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කිරීමයි.
එම මතකයන් නැවත ජීවත් කරවීමට කාලය ගත නොකරන්න
ඔබ සතුව තිබූ ඒ මතකය සුන්දර විය හැක.ඔබ සම්බන්ධතාවයෙන් ඉවත් වූ විට ඒ මතකය යළි අවදි කිරීම නම් හොඳ අදහසක් නොවේ.
එය ඔබව අතීතයට කොටු කර ඔබේ ඉදිරි ගමනට බාධාවක් වනු ඇත.
යථාර්ථය දැකීමට උත්සාහ කරන්න
ඔබට මෙවිට ලෝකයේ අවසානය මෙන් පෙනෙන්නේ එක් පුද්ගලයෙකු ඔබේ ජීවිතයෙන් ඉවත් වීමයි.එය යථාර්ථය නොවෙයි.
සෑම දේටක්ම නරකම බව පෙනෙන්නට හැක. නමුත් සම්බන්ධතාවය තුළ ඔබ සතුටින් නොසිටි බව යන යථාර්ථය ඔබ දැකීමට අවශ්‍යයි.දුෂ්කර අත්දැකීමක් ඉන් මතුවට හොඳ, ප්‍රීතිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදා කරයි.එය මතක තබා ගන්න.
ඔවුන්ව නැවත හමුවීමට නිදහසට කරුණු සොයන්න එපා
“අහම්බෙන්” ඔබේ හිටපු පෙම්වතා සමඟ ගැටීමට ඇති ආශාවට එරෙහි වීම අභියෝගාත්මක විය හැකිය. එක් තැනකදී ඔබ දෙදෙනාව නැවත එක් කළ හැකි යැයි ඔබ සිතනවා විය හැකිය. කෙසේ වෙතත්, සම්බන්ධතාවයක සම්පූර්ණ ගමන් මග තුළ නිවැරදි කළ නොහැකි දේ කිසි විටෙකත් එක් හමුවීමකින් විසඳිය නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය.
ඔබ ගැන දැඩි නොවන්න
පළමුවෙන්ම ඔබ,ඔබවම සුරැකිය යුතුය. ඔබ සමඟ සිටි අයව අමතක කිරීම සඳහා ඔබටම රළු නොවන්න.
ඔබේ වෙන්වීමට බොහෝ හේතු තිබේ.ඔබ ඔබ ගැන කෝප වීම මෝඩ අදහසකි.කෙනෙකුව මෙතරම් විශ්වාස කිරීම ගැන, ඔවුන්ගේ අභිප්‍රාය තේරුම් ගැනීමට නොහැකි තරම් මෝඩ වීම ගැන ඔබ ඔබ සමඟම තරහා ගැනීම නුසුදුසුයි.
ඔබට තවමත් ඔවුන් ගැන හැඟීම් තිබේ නම් මිතුරන් වීමට උත්සාහ නොකරන්න
ඔබ ඔවුන් සමඟ මිතුරු වීමට උත්සාහ කරන්නේ නම්, වෙන්වීමෙන් පසු ඔවුන්ව දිගටම දැකීමට.ආශා කරනවා නම් එය ඔබ සිතනවාට වඩා ඔබට රිදවන දෙයකි.ඒ දේවල් වෙනතකට හැරවීමට උත්සාහ කිරීම ඔබව වැරදි මාවතකට ගෙන යනු ඇත. මිත්‍රත්වය යනු ඉතා සුවිශේෂී සම්බන්ධතාවයක් බව සත්‍යක්.නමුත් ඔබේ යටි සිතෙන් ඔබ දකින්නේ ඊට එහා ගිය එකක් විය හැක.එහෙයින් ඔබ ඔවුන් සමඟ මිතුරුකම් ඇති කර ගැනීම නුසුදුසුයි.
සටහන–සචිනි සත්සරණි ප්‍රේමරත්න