ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සොයා විමර්ශනයක්

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවෙන් යොමුකර ඇති මන්ත්‍රීවරුන්ගේ නම, උපන්දිනය සහ ජාතික හැඳුනුම්පත් අංක සහිත ලේඛනයක් පදනම් කර ගනිමින් අදාළ විමර්ශනය සිදුකරන බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ ලේඛනය යොමු කර ඇති බවය් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පසුගිය දා සඳහන් කළේ ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉවත් කිරීමේ බලයක් තමන් වෙත නොමැති බවයි.

එය අධිකරණය ක්‍රියාවලියක් මඟින් පමණක් සිදුකළ යුතු කටයුත්තක් බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි වන වගන්තිය ද ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51