දළඳා වඳින්න යන අයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

අනිද්දා (18) දින සිට ආරම්භ වන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ මහජනතාවට වැඳ පුඳා ගැනීමේ අවස්ථාව සඳහා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු ම දෙනාට ඊට අවශ්‍ය දුම්රියන් සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ දළඳා වැඳ පුඳා ගැනීමේ අවස්ථාව සඳහා පිටත්ව යන මගීන් හට අප්‍රේල් මස 18 වැනිදින අලුයම සිට දුම් රිය ක්‍රියාත්මක බවයි.

මීට අමතරව අවුරුදු සමයේ කැලිප්සෝ දුම්රියෙන් දිනකට රුපියල් මිලියන දෙක ඉක්ම වූ ආදායමක් ද උපයාගැනීමට ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුවට හැකි ව තිබෙනවා.

දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අද (16) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ දුම්රියන් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?