AFC Banner
Empty Ad
Empty Ad

දස දහසේ බඩු මල්ල දෙන්න ඕන අය ගැන චක්‍රලේඛයක්

සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර සලාකය අද (25) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ සඳහා වන විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් ඊයේ (24දා) දිනයේ නිකුත් කර ඇත.

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?