දසුන් ශානකගේ මහත්මා ගුණය යළිත් පිටිය මැද දී එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ගැන යළිත් සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් මතු ව තිබෙනවා.

ඒ මේ දිනවල Zim Afro පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ දී සිදුවුණ විශේෂ සිදුවීමක් හේතුවෙන්.

දසුන් ශානක මෙම තරගාවලියේ සිය නායකත්වය ලබා දෙන්නේ හරාරේ බෝල්ට්ස් කණ්ඩායමටයි.

හරාරේ නායක දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම සිය පන්දුවාර 10 අවසන් වීමට තවත් පන්දු දෙකක් පමණක් තිබියදී කඩුලු 06ක් දැවී එම තරගය ලකුණු 92ක් ලබා ගනිමින් ජය ගත්තා.

ඒ ප්‍රතිවාදී ජොබර්ග් බංග්ලා ටයිගර්ස් පිලට එරෙහිවයි.

නමුත් මෙම තරගයේ දී කාගෙත් අවධානය යොමු වූ සිදුවීමක් සිදුවුණා.

ඒ ප්‍රතිවාදී පිලෙහි ක්‍රීඩක Tashinga Musekiwa හට පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට ලබා දී තිබූ කාලය ඉක්මවා යාම හේතුවෙන්.

එය සාමාන්‍යයෙන් තත්ත්පර හැටක් වුව ද, ඊට වඩා වැඩි කාලයක් ගත වීම හේතුවෙන් ක්‍රීඩා නීති අනුව අවශ්‍ය නම් ඔහු නිසැකයෙන් ම දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සැලකිය හැකි වනවා.

එම අවස්ථාවේ දී බෝල්ට්ස් නායක දසුන් ශානකගෙන් තරගයේ විනිසුරු විමසා සිටින්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට පිටියට පිවිසීමට තිබූ වේලාව ඉක්මවා ගොස් ඇති බවත් ‘ටයිම් අවුට්’ (TIME-Out) අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ද යන්නයි.

නමුත් හරාරේ බෝල්ට්ස් නායක දසුන් ශානක විනිසුරු පෙන්වූ ටයිම් අවුට් අභියාචනය අනවශ්‍ය බවට ප්‍රතික්ෂේප කර ඇති අතර, ප්‍රමාද වූ පිතිකරුට පිතිකරණය සඳහා අවස්ථාව ද ලබා දී තිබෙනවා.

එමෙන්ම ප්‍රමාද වූ ක්‍රීඩක Tashinga Musekiwa පිටියට ක්‍රීඩාගාරයේ සිට වේගයෙන් දුව එන අයුරු ද දක්නට ලැබෙනවා.

දසුන්ගේ මෙම තීරණය සහ නායකත්ව ගුණාංග විදෙස් ක්‍රීඩා මාධ්‍ය තුළ කතාබහට ලක් වන අයුරු ද දකින්නට ලැබෙනවා.

දසුන් ශානක යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවාර 20 සහ එක්දින ක්‍රිකට් ආකෘතියේ ද බොහෝ කාලයක් නායකත්වය ගෙන කටයුතු කරමින් ආසියානු කුසලානයක් පවා ශ්‍රී ලංකාවට දිනා දීමට කැප වූ නායකයෙක්.

දසුන් මෙම තරගයේ දී ද නොදැවී ලකුණු 50ක් රැස් කරමින් හරාරේ බෝල්ට්ස් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දුන්නා.

එහිදී ඔහු එක් කඩුල්ලක් ද බිඳ දැමූ අතර තරගයේ වීරයා සම්මානයට ද පාත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
135
+1
2
+1
33
+1
5
+1
1
+1
5
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48