දසදහසක අල්ලසක් ගත් බිට්ටු නිලධාරීයා රිමාන්ඩ්

දැව කඳන් ඉරීම සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පතට අදාල කුට්ටි වාර්තාව ඇතුලත් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් දහදාසක අල්ලසක් ලබාගත් බව කියන බිට්ටු නිලධාරියෙක් ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග අද (5) කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දෙහිඅත්තකණ්ඩිය වන ජීවි කාර්යාලට අයත් බීට්ටු නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, පැමිණිලිකරුට දැව කඳන් ඉරීමට බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම් පතට අදාල කුට්ටි වාර්තාව ලබාදී එම දැව කඳන් ඉරීම සඳහා බලපත්‍රය ලබාදීමට කටයුතු කිරීමට එක් බලපත්‍රයකට රුපියල් 5000ක් බැගින් බලපත්‍ර දෙකට රුපියල් 10000ක් වශයෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇතිබවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරු ලබන 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?