දසත බෝපත මෙත්මුනි මහ සෑ පොසොන් කලාපයේ දෙවැනි දිනය අදයි (වීඩියෝ)

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වූ දසත මාධ්‍ය ජාලය හා මෙත්මුනි සෑ තරුණ දම් සභාව එක්ව සංවිධානය කරන, දසත බෝපත මෙත්මුනි මහාසෑ පොසොන් කලාපය සත් දිනක් පුරා අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි සෑ පින්බිමේ දී සිදු කෙරෙනවා.

මෙහි දී සැදැහැවත් ඔබ සැමට ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට අද (22) සිට අවස්ථාව හිමිවනවා.

‍‍දසත බෝපත පොහෝ දින විශේෂ වැඩසටහනට සමගාමීව අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි සෑයේ තැන්පත් කිරීම පිණිස මාතර සිට අලව්වට දින හතක් පුරා රථ පෙරහැරකින් වැඩම කර වූ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවා ලූ රිය පෙරහර ඊයේ (21) පස්වරුවේ අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පුදබිමට ළඟා වුණා.

ඒ මහා සංඝරත්නය සියක් නමක් පෙරටු කර ගනිමින්.

තායිලන්තයේ සිට මෙරටට වැඩම කර වූ සම්බුදු පියාණන්ගේ නිසැක උත්තම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඇතුලු උත්තම ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කළ මොහොතේ සිට මග දෙපස රැස්වූ අති විශාලබෞද්ධ ජනතාව ඊට
දැක්වූවේ සුවිශේෂි වූ ගෞවරයක්.

එසේ වැඩම කරවන ලද නිසැක ශ්‍රී උත්තම සර්වඥ ධාතූන් වහන්සේ, දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ, සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්. මධුශංක මහතාගේ සුරතින් අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පින්බිමේ ධාතු මන්දිරයේදී තැන්පත් කිරීම සිදු කෙරුණා.

ඒ අනුව තායිලන්තයෙන් මෙරටට වැඩම වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ මහ රහත් ධාතුන් වහන්සේ 15 නමක් පින් සිතින් වන්දනා කිරීමට සුවහසක් බෞද්ධ ජනතාවට තව දින 6 ක් අවස්ථාව උදා වනවා.

එලෙසම, ලංකාවේ අලංකාරම හා දැවැන්තම පොසොන් තොරණ් රාජයා දැක බලා ගැනීමටත්, මෙත්මුණි මහ සෑ පුදබිමට පැමිණෙන ඔබට හැකිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?