දසත බෝපත පොසොන් ධර්ම යාත්‍රාව කිරිල්ලවල බලා ගමන් අරඹයි (වීඩියෝ)

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුණ්‍යමහෝස්ත්සවයට සමගාමී ව අලව්ව – මහරච්චිමුල්ල, මෙත්මුණි මහා සෑයේ තැන්පත් කිරීම පිණිස, තායිලන්තයේ සිට මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතූන්වහන්සේ, කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරස්ථානයේ සිට මාහාරගම බෝධිය දක්වා දක්වා වැඩම කරවීම අද (19) උදෑසන ආරම්භ වුණා.

ඒ අනුව, කිරිල්ලවල සිට නුවර පාර ඔස්සේ මීරිගම හරහා ගිරිඋල්ල – මාහාරගම බෝධිය දක්වා මඟ දෙපස රැස්ව සිටින සැඳැහැවත් ජනතාව මෙම උත්තම ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමිවනවා.

දසත බෝපත පොසොන් පුන් පොහෝ දින පුන්‍ය මහෝත්සවයට සමගාමී ව තායිලන්තයෙන් වැඩම කරවන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිසැක මාතර සිට අලව්ව දක්වා වන දින හතක රථ පෙරහැරකින් වැඩමවීමේ පුණ්‍යෝත්සවය පසුගිය දා ආරම්භ වුණේ මාතර බෝධිය අසළින්.

උත්තම සර්වඥ ධාතූන්වහන්සේ රැගත් රථ පෙරහැර කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරස්ථානය වෙත ඊයේ (18) රාත්‍රී ළඟා වුණා.

අද අලුයම ධාතූන්වහන්සේ වෙනුවෙන් විහාරස්ථානයේ දී කිරි ආහාර පූජාවක් පැවැත්වූවා.

සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ උත්තම සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහැර පෙරවරු 8ට ආරම්භ වුණා.

කිරිල්ලවල ශ්‍රී ජයවර්ධන විහාරයෙන් ගමන් ඇරඹු පෙරහැර අද පස්වරුව වන විට යක්කල, නිට්ටඹුව, වේයන්ගොඩ පොලීසිය, පස්යාල සහ මීරිගම ඔස්සේ ගිරිඋල්ල මාහාරගම බෝධිය දක්වා ළඟා වීමට නියමිතයි.

එම රථ පෙරහැර අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිම වෙත පැමිණීම සඳහා හෙට (20) පෙරවරු 8.00ට මාහාරගම බෝධිය අසලින් පිටත්වීමට සැලසුම් කර තිබෙනවා.

එලෙස පෙරහැරින් රැගෙන එන උත්තම සර්වඥ ධාතූන් වහන්සේ, මහා සංඝරත්නය සියක් නමක් පෙරටු කොටගනිමින් ගුවනින් සිදුකරන පුෂ්ප උපහාර මැද දසත බෝපත සංකල්පයේ නිර්මාතෘ දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්.මධුසංක මහතාගේ සුරතින් අලව්ව – මහරච්චිමුල්ල මෙත්මුණි මහා සෑ පින් බිමේ ධාතු මන්දිරයේ තැන්පත් කරනු ලබනවා.

ඒ පොසොන් පුන් පොහෝ දිනයේයි.

එලෙස තැන්පත් කෙරෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ පහළොස්නමකගේ උත්තම ධාතුන් වහන්සේ පුරා දින හතක් මුළුල්ලේ වන්දනා මාන කරගැනීම‌ට සැදැහැවත් ඔබටත් අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08