විඩාබර ජීවතයට වෙන් වූ දයාබර දහම් අඬහැරය, දසත “පන්සලේ බණ ගෙදර” ඊයේ (12) පස්වරු 06.00 සිට දිවුලපිටිය, දෙල්වගුර ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.
දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිංවතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දසත “පන්සලේ බණ ගෙදර” මෙලෙස සාර්ථකව නිමාවට පත්වුණා.
පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකම සඳහා පූජ්‍ය මාතලේ සුමංගල හිමි, පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි, පූජ්‍ය වැවහමන්දූවේ සුබෝධ හිමි, පූජ්‍ය වැවහමන්දූවේ ලෝචන හිමි (මාතර නිවුන් හාමුදුරුවෝ ) වැඩමවීමෙන් අර්ථවත්, කාලෝචිත සහ සාර්ථක පිංකම් වැඩසටහනක් ලෙස නිමවා දුටුවා.
තව ද විශේෂිත ආරාධිත දේශනය සඳහා ප්‍රවීන දේශක දිනේෂ් මුතුගලත්, ඩබින් අයියා නොහොත් දනුෂ් ගමගේත් ”පන්සලේ බණ ගෙදර” සමඟින් එක් වූ අතර තාරුණ්‍යට අවැසි නිවැරදි ධාර්මික ගමන් මඟ පෙන්වමින් “පන්සලේ බණ ගෙදර” වැඩසටහන තව තවත් අර්ථවත් කරනු ලැබුවා.
එමෙන්ම, පිං කැමති ඔබ සියලු දෙනාට දසත “පන්සලේ බණ ගෙදර” නැවත විකාශය, අද (12) පස්වරු 07.00 සිට PEO TV නාලිකා අංක 18 ඔස්සේ, දසත TV තුළින් සහ දසත NEWS ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.





