දසත “පන්සලේ බණ ගෙදර” දහස් සංඛ්‍යාත පිංවතුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන්

විඩාබර ජීවතයට වෙන් වූ දයාබර දහම් අඬහැරය, දසත “පන්සලේ බණ ගෙදර” ඊයේ (12) පස්වරු 06.00 සිට දිවුලපිටිය, දෙල්වගුර ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.

දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි පිංවතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දසත “පන්සලේ බණ ගෙදර” මෙලෙස සාර්ථකව නිමාවට පත්වුණා.

පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකම සඳහා පූජ්‍ය මාතලේ සුමංගල හිමි, පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි, පූජ්‍ය වැවහමන්දූවේ සුබෝධ හිමි, පූජ්‍ය වැවහමන්දූවේ ලෝචන හිමි (මාතර නිවුන් හාමුදුරුවෝ ) වැඩමවීමෙන් අර්ථවත්, කාලෝචිත සහ සාර්ථක පිංකම් වැඩසටහනක් ලෙස නිමවා දුටුවා.

තව ද විශේෂිත ආරාධිත දේශනය සඳහා ප්‍රවීන දේශක දිනේෂ් මුතුගලත්, ඩබින් අයියා නොහොත් දනුෂ් ගමගේත් ”පන්සලේ බණ ගෙදර” සමඟින් එක් වූ අතර තාරුණ්‍යට අවැසි නිවැරදි ධාර්මික ගමන් මඟ පෙන්වමින් “පන්සලේ බණ ගෙදර” වැඩසටහන තව තවත් අර්ථවත් කරනු ලැබුවා.

එමෙන්ම, පිං කැමති ඔබ සියලු දෙනාට දසත “පන්සලේ බණ ගෙදර” නැවත විකාශය, අද (12) පස්වරු 07.00 සිට PEO TV නාලිකා අංක 18 ඔස්සේ, දසත TV තුළින් සහ දසත NEWS ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36