දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක්

දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවසූ ප්‍රකාශයක් බවට දක්වමින් අදාළ ව්‍යාජ පෝස්ටුව සකසා තිබෙනවා.

මෙලෙස දසත නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටු කිහිපක්ම පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සරණය වන ආකාරය නිරීක්ෂණය වුණා.

එම පෝස්ටු ව්‍යාජ සහ අසත්‍ය ඒවා බවට දසන නිව්ස් පාඨක ඔබට දැනුම්වත් කිරීමටද අප එම අවස්ථා වලදී කටයුතු කරනු ලැබුවා.

මෙවැනි ආකාරයෙන් දසන නිල ලාංඡනය අවභාවිත කරමින් ව්‍යාජ පුවන් සහ ව්‍යාජ පෝස්ටු නිර්මාණය කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් සම්බන්ධයෙන් ඉදිර්යේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වනවා.

එම ව්‍යාජ පෝස්ටුව පහතින්,

Screenshot 2026 08 06 213203