දශක හයකට පසු චීනයට දරුණු ගංවතුරක්

චීනය පසුගිය දශක හය තුළ ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වයට මේ වසරේ දී මුහුණ දී සිටිනවා.

ජලයෙන් යට වූ ප්‍රදේශවල සිටි මිලියන ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

දකුණු චීනයේ ආරම්භ වූ අධික වර්ෂාපතනය ක්‍රමක්‍රමයෙන් අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වුණා.

නැගෙනහිර චීනයේ, මෑත වර්ෂාපතනයෙන් විශාල භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවීමත් සමඟ අවම වශයෙන් පුද්ගලයින් 242,000 ක් ඉවත් කර තිබෙනවා.

නවතම වර්ෂාපතනය සහ ගංවතුර බලධාරීන් විසින් “යුද කාලීන” හදිසි අවස්ථාවක් ලෙස හඳුන්වන තත්වයක් නිර්මාණය කර තිබීමෙන් එහි බලපෑම සිතා ගත හැකියි.

විපතට පත් ජනතාව බේරා ගැනීමට සහ ඔවුන්ට ආධාර සැපයීමේ දී චීන බලධාරීන් බරපතළ අර්බුදයකට ලක් ව සිටින බව ද පෙනෙන්නට තිබෙනවා.

2023 සහ 2022 දී ගංවතුර හේතුවෙන් නිවාස ජලයෙන් යටවීම සහ වගා හානි හේතුවෙන් පීඩාවට පත් වූවන් මෙවරත් ජල ගැලීම්වලට හසු වී සිටින බව සඳහන්.

ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව තහවුරු වී නැහැ.

අධික වර්ෂාව සහ අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් මිලියන 5කට අධික ජනතාවක් පීඩාවට පත් වූ බව අප්‍රේල් මාසයේ දී චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය පිළිගත්තා.

චීනයේ ප්‍රධාන ගංගා අවදානම් මට්ටමට ඉහළින් ගලා යාමට පටන් ගැනීමෙන් පසු තත්ත්වය නරක අතට හැරී තිබෙනවා.

යැංසි සහ අනෙකුත් ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යාම නිසා දරුණු ගංවතුර තත්ත්වයන් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?