දශක හයකට පසු චීනයට දරුණු ගංවතුරක්

චීනය පසුගිය දශක හය තුළ ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වයට මේ වසරේ දී මුහුණ දී සිටිනවා.

ජලයෙන් යට වූ ප්‍රදේශවල සිටි මිලියන ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

දකුණු චීනයේ ආරම්භ වූ අධික වර්ෂාපතනය ක්‍රමක්‍රමයෙන් අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වුණා.

නැගෙනහිර චීනයේ, මෑත වර්ෂාපතනයෙන් විශාල භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවීමත් සමඟ අවම වශයෙන් පුද්ගලයින් 242,000 ක් ඉවත් කර තිබෙනවා.

නවතම වර්ෂාපතනය සහ ගංවතුර බලධාරීන් විසින් “යුද කාලීන” හදිසි අවස්ථාවක් ලෙස හඳුන්වන තත්වයක් නිර්මාණය කර තිබීමෙන් එහි බලපෑම සිතා ගත හැකියි.

විපතට පත් ජනතාව බේරා ගැනීමට සහ ඔවුන්ට ආධාර සැපයීමේ දී චීන බලධාරීන් බරපතළ අර්බුදයකට ලක් ව සිටින බව ද පෙනෙන්නට තිබෙනවා.

2023 සහ 2022 දී ගංවතුර හේතුවෙන් නිවාස ජලයෙන් යටවීම සහ වගා හානි හේතුවෙන් පීඩාවට පත් වූවන් මෙවරත් ජල ගැලීම්වලට හසු වී සිටින බව සඳහන්.

ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව තහවුරු වී නැහැ.

අධික වර්ෂාව සහ අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් මිලියන 5කට අධික ජනතාවක් පීඩාවට පත් වූ බව අප්‍රේල් මාසයේ දී චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය පිළිගත්තා.

චීනයේ ප්‍රධාන ගංගා අවදානම් මට්ටමට ඉහළින් ගලා යාමට පටන් ගැනීමෙන් පසු තත්ත්වය නරක අතට හැරී තිබෙනවා.

යැංසි සහ අනෙකුත් ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යාම නිසා දරුණු ගංවතුර තත්ත්වයන් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29