දරුණු ළැව්ගිනි මාලාවෙන් සුප්‍රසිද්ධ තරුවකගේ නිවාසයත් අළු වෙයි – ට්‍රම්ප් හා ෆ්‍රැන්සිස්කෝත් ගැටෙයි (වීඩියෝ)

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ අවට පැතිර යන ළැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රාන්තයට ම දැඩි හානියක් සිදු ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කළේ එම ප්‍රාන්තය තුළ වේගවත් ළැව්ගිනි මාලා 05ක් පැතිර ගොස් විශාල දේපොළ හානියක් සිදු කර ඇති බවයි.

මෙම ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකරය දක්වා ම පැතිර ගොස් තිබෙන අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරනවා.

ළැව් ගිනි ජාලාවට හසු ව විනාශ වූ නිවාස සංඛ්‍යාව 100කට අධිකයි.

මෙම ගින්නෙන් අක්කර 25000කට වැඩි ප්‍රමාණයක් මුළුමනින් ම විනාශයට පත් ව ඇති බවත් වාර්තා වන අතර අමෙරිකානු බලධාරීන් උපදෙස් දී ඇත්තේ ලක්ෂයකට අධික පිරිසක් සිටින එම ප්‍රාන්ත වැසියන්ට වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසටයි.

ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස්, ඝානාවේ නිල සංචාරයක් ද අතරමග නතර කර දමා යළිත් සිය ප්‍රාන්තයට ගොස් තිබෙනවා.

ඔහු එහි ගොස් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා ඇත්තේ මෙය ගින්නක් නොව ගිනි කුණාටුවක් බවයි.

එමෙන්ම ගින්නෙන් මේ වනවිට මිලියන 1.5කට විදුලි බලය අහිමි ව ඇති අතර, ජලය ඇනහිටීම, ශ්වසන අපහසුතා ඇති වීමේ අර්බුද ද හටගෙන තිබෙනවා.

පලිසෙඩ්, ඊටන්, ලිඩියා, හොලිවුඩ් කඳුකරය වැනි ප්‍රදේශ ද ගින්නෙන් විනාශ වී ඇති අතර සුප්‍රසිද්ධ හොලිව්ඩු නළු විල් රොජර්ස්ගේ (1930 දශකය) නිවස ද සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇති බවයි.

කෙසේවෙතත් කැලිෆෝනියා ප්‍රාන්තයේ San Francisco සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දිගු කාලෙක සිට පවතින ඝට්ටනය මෙම ළැව්ගින්න සමග යළිත් කරළියට ඇදී එමින් පවතිනවා.

ට්‍රම්ප් පවසා ඇත්තේ ෆ්‍රැන්සිස්කෝගේ අත්තනෝමතික ප්‍රතිපත්ති ළැව්ගිනි ඇති වීමට හේතුව බවයි.

නමුත් කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ ට්‍රම්ප් මෙම අවස්ථාවේ ද ජනතාව පීඩාවට පත් ව අසරණ ව සිටින මොහොතක දී පවා උත්සහා දරනුයේ ඉන් ද දේශපාලනික වාසියක් අත්පත් කරගැනීම බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55