spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දර්ගා නගරයේ නිවසක වල්ලපට්ට කැබලි කර අලෙවිකරණ ජාවාරමක් (වීඩියෝ)

ඊයේ (11) අලුත්ගම දර්ගා නගරයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කල වැටලීමකදී නිවසක් තුළ වල්ලපට්ට කැබලි කර අලෙවිකරන ජාවාරමක් සොයා ගෙන තිබෙනවා.

දර්ගා නගරයේ අදිකාරි ගොඩ ප්‍රදේශයේ නිවසක සිංහරාජ රක්ෂිත ප්‍රදේශවලින් කපන ලද වල්ලපට්ටා ශාක කොටස් රක්ෂිත ප්‍රදේශවල සිට රහසිගතව දර්ගා නගරයට ප්‍රවාහනය කර යන්ත්‍ර සූත්‍ර මගින් කැබලි කර කොළඹ ප්‍රදේශය හරහා විදෙස් රටවලට අලෙවි කරන ජාවාරමකුයි මෙසේ වටලා තිබෙන්නේ.

අලුත්ගම පොලිසිය මෙම වැටලීමේදී ජාවාරම්කාර පුද්ගලයා සමඟ නඩු භාණ්ඩ වන රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 123ක් සමඟ ඊට යොදාගත් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දර්ගා නගරය අදිකාරි ගොඩ ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 40 ක් වන අයෙක් වන අතර ඔහු කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට ද වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද(12) කළුතර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය.

https://www.youtube.com/watch?v=LyIQTVkDRNk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?