logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

දයාසිරි පක්ෂ මූලස්ථානයේ එළියේ සිට වැඩ භාර ගනියි (වීඩියෝ)

තමන්ට අධිකරණයෙන් ලද නීතිමය බලයක් ඇති බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී ම මහලේකම් ධුරයේ වැඩ භාරගත්තා.

පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩක් ලබා නොදුන් අවස්ථාවේ දී; එම ස්ථානයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුව ද; ඉන් අනතුරු මන්ත්‍රීවරයා විසින් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිටගෙන ම මහලේකම්වරයා වශයෙන් වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ.

දයාසිරි මහලේකම්වරයාව පිළිගැනීමට පක්ෂ සංවිධාක මණ්ඩලය මෙන් ම ආධාරකරුවන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එක් ව සිටියා.

මේ හේතුවෙන් කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය අවට ද දැඩි ලෙස පොලිස් ආරක්ෂාව තර කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමා යළිත් එම ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකරව එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි ව කොළඹ දිසා අධිකරණය පසුගිය අඟහරුවාදා (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් මෙම නියෝගය නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලික ව අත්හිටවූයේ නව දේශපාලන සන්ධානයක් පිහිටුවමින් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු කර ඇතැයි පවසමින්.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බවත් මෙම අවස්ථාවට සියලුදෙනා එක්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉල්ලීමක් කර තිබුණා.

එහි ප්‍රතිඵලය මතයි අද පෙරවරුවේ සිට පක්ෂ මූලස්ථානය අවට පොලිසිය යොදා ආරක්ෂාව ද තර කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හීල්ඔ⁣යේ ජලපහරට වගාබිම් විනාශ වූ ගොවීන්
04:15
Video thumbnail
සිංදු කියන්න වේදිකාවට නැග්ග මන්ත්‍රී චින්තකට බෝතල් ප්‍රහාරයක් සජබයෙ හිතවතෙක් කොටු
01:10
Video thumbnail
'යුක්තිය 2' මෙහෙයුමෙන් දින 3කදී සැකකරුවන් 2,622ක් අත්අඩංගුවට
01:32
Video thumbnail
"මාධ්‍ය ආයතන හිමිකරුවන් - ප්‍රධානීන්, මාධ්‍යවේදීන් වත්කම් - බැරකම් ප්‍රකාශ දිය යුතුයි"
01:55
Video thumbnail
අනවසරයෙන් අප්‍රිකානු කැලෑ බළලෙක් මෙරටට ගෙන එති, ගුවන්තොටේදී අල්ලයි
00:59
Video thumbnail
පොල් වතුර ඉල්ලුම වැඩිවෙයි
01:44
Video thumbnail
අපි රනිල්ට ණයත් නෑ බයත් නැහැ - බැසිල් රාජපක්ෂ
01:17
Video thumbnail
ජනපති උදේ එජාප බළකොටුවේ සවස කළුතර රාජපක්ෂවරුන්ගේ රැලියේ
01:38
Video thumbnail
ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට
01:08
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-08
01:06:54

?