දයාසිරි පක්ෂ මූලස්ථානයේ එළියේ සිට වැඩ භාර ගනියි (වීඩියෝ)

තමන්ට අධිකරණයෙන් ලද නීතිමය බලයක් ඇති බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී ම මහලේකම් ධුරයේ වැඩ භාරගත්තා.

පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩක් ලබා නොදුන් අවස්ථාවේ දී; එම ස්ථානයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුව ද; ඉන් අනතුරු මන්ත්‍රීවරයා විසින් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිටගෙන ම මහලේකම්වරයා වශයෙන් වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ.

දයාසිරි මහලේකම්වරයාව පිළිගැනීමට පක්ෂ සංවිධාක මණ්ඩලය මෙන් ම ආධාරකරුවන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එක් ව සිටියා.

මේ හේතුවෙන් කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය අවට ද දැඩි ලෙස පොලිස් ආරක්ෂාව තර කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමා යළිත් එම ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකරව එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි ව කොළඹ දිසා අධිකරණය පසුගිය අඟහරුවාදා (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් මෙම නියෝගය නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලික ව අත්හිටවූයේ නව දේශපාලන සන්ධානයක් පිහිටුවමින් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු කර ඇතැයි පවසමින්.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බවත් මෙම අවස්ථාවට සියලුදෙනා එක්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉල්ලීමක් කර තිබුණා.

එහි ප්‍රතිඵලය මතයි අද පෙරවරුවේ සිට පක්ෂ මූලස්ථානය අවට පොලිසිය යොදා ආරක්ෂාව ද තර කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58