දඹුල්ල – හබරණ පාරේ මාරක අනතුරක් – කතක් මරුට, 09ක් රෝහලේ

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහා ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 09 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

සීගිරිය, ඉනාමළුව ප්‍රදේශයේ විවාහ මංගල්‍යකට සහභාගි වී හබරණ දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයක් සහ හබරණ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් කාන්තාවක් වන අතර, එහි ගමන් ගත් තවත් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙක් ඇතුළු ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් ද සිටින අතර, දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවින් දඹුල්ල මූලික රෝහලේ සිට මහනුවර මහ රෝහල වෙත මාරු කර යව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු තවත් දෙදෙනෙක් ද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගොස් ඇත්තේ හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි සීගිරිය පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?