දඹාන ආදිවාසීන්ගේ මානසික සෞඛ්‍ය නැංවීමට සරසවියෙන් මානසික සත්කාරයක්

දඹාන ආදිවාසී ගම්මානයේ පාසල් දරුවන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම, කුසලතා වර්ධනය, ඇබ්බැහිකම් හා පුනුරුත්ථාපනය, මනෝවිද්‍යා හා උපදේශන අධ්‍යාපනය පිළිබඳ විශේෂ වැඩසටහනක් දෙවන වරටත් පවත්වා තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා මානසික සෞඛ්‍ය පදනමේ අනුබද්ධිත මානසික සෞඛ්‍ය සරසවියේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා හා විද්‍යාර්තයින් රැසකගේ ප්‍රධානත්වයෙන් හා දායකත්වයෙන් පසු ගිය (31) වනදා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

එම සත්කාරය අවසන්වීමෙන් පසුව, පාසල් දරුවන්ගේ හා දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය මැනීම හා ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ ක්ෂේත්‍රර අධ්‍යනයක් ද සිදුකරන කරනු ලැබුවා.

දඹාන කණිෂ්ඨ විදුහලේ සිසුන් මෙන්ම ආදිවාසී ගම්වැසියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන තුළ මත්ද්‍රව්‍ය නිවාරණය, මනෝ සමාජ අධ්‍යාපනය ආදී තේමාවන් පදනම් කරගෙන එම හුදකලා ජීවන රටාව සවිබල ගැන්වීම සඳහා සළුපාලිය හා සාම්ප්‍රදායික මනෝ චිකිත්සාවන් ඇතුලත් වැඩසටහන් සමඟ දරුවන්ගේ බුද්ධිමට්ටම ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යනයක් ද සිදුකරන කර තිබෙනවා.

ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ද මෙම අවස්ථාව සඳහා එක්වෙමින්, දඹාන ආදිවාසී ගම්මානයේ ජනතාව සඳහා කලාතුරකින් ලැබෙන අවස්ථාවක් යැයිද, මෙම අවස්ථාව ලබාදීම පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරාට ස්තූතිය පලකර සිටියා.

නිරෝගීමත් දිවියකට යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම සඳහා “සතුට” ඇති වැදගත්කම පිළිබඳව ද එහිදී විශේෂයෙන් දරුවන් හා දෙමාපියන් දැනුවත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12