දමිතා සහ සැමියා යළිත් රිමාන්ඩ්

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව පවතින සාක්ෂි වල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම පැමිණිල්ල අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී සැකකාර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්
” ස්වාමීනී.. විදේශ රැකියා ලබාදන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. මීට අදාළව මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යයි. එම වැඩිදුර ප්‍රකාශය ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය සංකීර්ණ විමර්ශනයක්. මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.” යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

ආගමන හා විගමන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් වී නැහැ..

එම අවස්ථාවේදී දමිතා අබේරත්න ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
” ස්වාමීනි, ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමේ දී ඊට අදාළ කරුණු සම්පූර්ණ වී තිබිය යුතුයි. එහෙත් මෙම සැකකරුවන් එරෙහිව ආගමන හා විගමන පනත යටතේ කරුණු ඉදිරිපත් වී තිබෙනවාද? යන්න ගැටළු සහගතයි. එම නිසා මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් එය විභාග කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් තිබෙනවාද? යන ගැටලුවක් මතු වෙනවා” යනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පවතින සාක්ෂිවල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව සැකකරුවන් ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?