AFC Banner
Empty Ad
Empty Ad

දකුණේ කොල්ලෙක් හෙල්ලයෙන් දෙවන පදක්කමත් ලංකාවට දිනා දෙයි

ශ්‍රී ලංකාවේ සමිත දුලාන් පැරාලිම්පික් F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (30) සමත් විය.

ඒ, 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයේදීය.

මෙහිදී සමිත මීටර 65.61 ක් විසිකරමින් සිය පෞද්ගලික ඉහළතම දස්කම් වාර්තා කිරීම කැපී පෙනුණි. මීට පෙර ඔහුගේ ඉහළතම දස්කම් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී 2018 වසරේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී වාර්තා කළ මීටර 58.38 පැවතුණි.

31 හැවිරිදි සමිත දුලාන්, මාතර දෙනියාය ප්‍රදේශයේ උපත ලැබූවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?