දකුණු මුහුදේදී ඇල්ලූ හෙරොයින්වල වටිනාකම මිලියන 1626කට අධික බව හෙළිවෙයි (වීඩියෝ)

නාවික හමුදාව දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1626කට අධික බවට අනාවරණ වී තිබෙනවා.

හෙරොයින් කිලෝ 65කට අධික තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහාය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවකුයි සැකකරුවන් 11 දෙනෙකු සමග මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බුද්ධි සේවාවන් සමග එක්ව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ (කිලෝමීටර් 185ක්) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ මෙහෙයුමේ සිදු කර තිබෙනවා.

ඊයේ (19) උදෑසන එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කෙරුණු අතර එහිදී එම යාත්‍රාව තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් කිලෝ 65යි ග්‍රෑම් 076ක පමණ තොගයක් සහිත උර තුනක් සොයා ගැනුණා. අනතුරුව එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.

එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු ද එහිදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. එලෙස අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා‍ දෙක, සැකකරුවන් 11 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 1626කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකරුවන් අවුරුදු 28ත් 52ත් අත‍ර වයස්වල පසුවන මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

හෙරොයින් තොගය, සැකකරුවන් 11 දෙනා සහ බහුදින ධීවර යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදුන් බවයි නාවික හමුදාව කියාසිටියේ.

මෙම මෙහෙයුමත් සමඟ මෙම වසරේ ජනවාරි මාසය තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 4800කට අධික වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40