දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ රංචිහි දී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමගින් සමස්ත පදක්කම් 40ක් දිනාගත්තා.

ප්‍රබල ඉන්දියාවට තරග ඉසව් රැසක දී කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා පසුපසින් සිටියේ සමස්ත පදක්කම්වලින් පදක්කම් අටකින්.

මෙවර තරගාවලියේ ශූරතාව හිමිකරගත් ඉන්දියාව රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 18ක් හිමිකර ගත්තා.

2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තුන්වන ස්ථානය නේපාලයට හිමි වූ අතර, ඔවුන් දිනාගත්තේ රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් පමණයි.

තරගවලියේ සමස්ත රන් පදක්කම් 36 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පමණක් බෙදීයාම විශේෂත්වයක්.

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?