දකුණු අප්‍රිකාවේ වායු කාන්දුවක් හේතුවෙන් 16ක් මරුට

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ සිදුවු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජොහැන්නස්බර්ග් හි නැගෙනහිර Boksburg ප්‍රදේශයේ ජනාවාසයක මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නයිට්රේට් ඔක්සයිඩ් වායුව බොහෝ විට රන් පතල්කරුවන් විසින් භාවිතා කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා

කිසිවෙකු රෝහල් ගත කර නොමැති බවද එරට හදිසි සේවා නිලධාරීන් බීබීසී පුවත් සේවයට සඳහන් කර තිබෙනවා. සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් කටයුතු කරගෙන යන බැවින් තවත් සිරුරු සොයා ගැනීමට හැකි වෙනු ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?