Empty Ad
Empty Ad
AFC Banner

දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම ලකුණු 191කට නවතියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිමට දකුණු අප්‍රිකාව සියල්ලන් ම දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනාගනිමින් ඊයේ (27) දිනයේ ඩර්බන් නුවර දී ඇරඹුණු දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ හෝරා දෙක තුනක් ක්‍රීඩා කරමින් සිටියදී ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අතහැර දමන්නටයි සිදු වුණේ.

ඒ වනවිට දකුණු අප්‍රිකාව කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා.

05 වැනි කඩුල්ලේ සිට දෙවැනි දිනයට අද (28) තරගය ඇරඹූ දකුණු අප්‍රිකාවේ 05 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 09ක් ලබා සිටි Kyle Verreynne.

ඒ ළහිරු කුමාරගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින්.

සයවැනි කඩුල්ලට පිටියට පිවිසි Wiaan Mulder එක් ලකුණක ලබා සිටියදී ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත් වූ අතර ඉන් පසුව පැමිණියේ මාකො ජැන්සන්.

ජැන්සන් ලකුණු 13කටත්, කොට්සෙ එක් ලකුණකටත් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ටෙම්බා බවුමා සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 70ක් ලබා ගත්තා.

බවුමා දැවී ගියේ අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ එල්ල කළ පහර ළහිරු කුමාර විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැකගැනීමත් සමගයි.

කේෂව් මහරාජ් ලකුණු 24ක් ලබා සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

කඩුලු බිඳ දැමීමේ දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?