spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාවට බලපෑ ගංවතුරෙන් පිරිසක් මරුට

දකුණු අප්‍රිකාවේ ක්වාසුලූ- නටාල් හි ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 45 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට පළාත් රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ. එම ප්‍රදේශයට තවදුරටත් තද වැසි පවතිනු බවටද අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව සදහන්.

මේ අතර ආපදා කළමනාකරණ කණ්ඩායම් සහ අදාළ අංශ විසින් ගොඩනැගිලි කඩා වැටී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කරමින් සිටින බවද විදෙස් වාර්තා සදහන් කළා.

ගංවතුර හේතුවෙන් නිවාස බොහොමයක් ගසාගෙන ගොස් ඇති අතර මාර්ග කිහිපයක් ගිලා බැස තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?