දකුණු අප්‍රිකානු A කණ්ඩායම පැරදවීමට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 140ක දුරක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 140ක් පමණක් අවශ්‍ය ව තිබෙනවා.

තරගය දකුණු අප්‍රිකාවේ Kimberley ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා A කණ්ඩායම තෙවැනි දිනය ඊයේ (10) නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටියා.

දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 372ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 323ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඒ අනුව සිය දෙවැනි ඉනිම ඇරඹූ අතර ඔවුන් සියලු දෙනාම ලකුණු 124කට දවා ගන්නට ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු බලඇණිය සමත් වුණා.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත ඉසිත විජේසුන්දර ලකුණු 34කට කඩුලු 07ක් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට අද (11) දිනය පමණක් ශ්‍රී ලංකා A කණ්ඩායමට ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ ජයග්‍රහණයට තවත් ලකුණු 140ක් අවශ්‍ය කරවමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57