දකුණු අප්‍රිකානුවන්ට දරුණු පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සමඟ අද (05) පැවති තරගයෙන් දරුණු පරාජයක් අත්විදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදු වුණා.

දකුණු අප්‍රිකානුවන් පරාජය කරමින් ඉන්දියාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 243කින්.

කොල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05කට ලකුණු 326ක් රැස් කළා.

මෙම තරගයේ ඉන්දීය ඉනිම වෙනුවෙන් අද දිනයේ 35 වන උපන්දිනය සමරන සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 49 වන ජගත් එක්දින ශතක රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය ඉනිමට ශ්‍රෙයාස් අයියර් ලකුණු 77ක් එක් කළ අතර, නායක රෝහිත් ශර්මා ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් 05 දෙනෙක් එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

අනතුරුව ලකුණු 327ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිම සුණු විසුණු කරන්නට රවීන්ද්‍ර ජඩේජා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් කටයුතු කළා.

එහිදී සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තාකළ ජඩේජා පන්දුවාර 09ක් තුළ ලකුණු 33කට කඩුලු 05ක් බිඳ දැමුවා.

මොහොමඩ් ශමී සහ කුල්දීප් යාදෙව් කඩුලු දෙක බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

අවසානයේ දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 27යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැඩි රැස්කර ගත හැකි වූයේ ලකුණු 83ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ඉන්දීය පිළට ලකුණු 243ක දැවැන්ත ජයක් හිමි වුණා.

තරගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?